තමන් ගමන් ගත් රථය දක්ෂීණ අධිවේගී මාර්ගයේදී අනතුරට පත්වීම හේතුවෙන් තමාට කකුලක් අහිමි වූ බවත් එය සිදුවුවේ අධිවේගී මාර්ගයේ අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් බව පවසමින් අජිත් මාන්නපෙරුම මන්ත්‍රීවරයා මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පැවසීය.

මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් ඌව පළාත් සභාවට තරඟ වදින එජාප අපේක්‍ෂකයෙකුගේ කැබ් රථයක් හා යතුරු පැදියක් අනතුරට පත් වීමෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තිබේ.

ලෝක සියදිවි නසාගැනීම වැළැක්වීමේ දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ 'බයික්තලෝන්' පාපැදි සවාරිය ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් ඊයේ (10දා) ගාල්ල නගරයේදී පිළිගනු ලැබීය.

tilakarathna-dilshan‘අයිස් බකට් නානවට වඩා අපේ රටේ උදව් කරන්න ඕනි තරම් මිනිස්සු ඉන්නවා. මට යෝජනා කලොත් කවදාවත් මම අයිස් බකට් නාන්නේ නෑ’ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ටි.එම්. දිල්ශාන් පවසයි.  

ජාත්‍යන්තර ගණිත තරගයෙන්, ශ්‍රී ලංකාවේ සරසවි සිසුන් වන බුද්ධි ගම්ලත් රිදී පදක්කමක් හා තිළිණ බණ්ඩාර ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ ඉල්ලීම පරිදි අප්‍රිකානු මහාද්වීපයේ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව ශ්‍රී  ලංකා ගුවන් හමුදාවේ බලඝනයක් පෙරේදා  (09දා) දිවයිනෙන් පිටත්ව ගියේය.

suicide-in-waterකොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී සොයාගත් තලවකැලේ ශාන්ත පැට්‍රික් දෙමළ විදුහලේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණය මිනී මැරුමක් නොව සිය දිවි නසා ගැනීමක් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇති බව ලිඳුල පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය.

පාසල් යාම සඳහා නිල ඇඳුමින් සැරසී උදෑසන නිවසින් පිටව ගිය එකම පවු‍ලේ බාලවයස්කාර පාසල්  ළමුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු පෙරේදා (09) උදෑසන සිට ආගිය අතක් නොමැති බව කියමින් එම දරුවන්ගේ දෙමාපියන් රාජාංගනය ‍පොලීසියට 10 වනදා (ඊයේ) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. නමුත් මේ වන විට එම දරුවන් තිදෙනා නිවෙස් වලට පැමිණ ඇති බව සැලය.

ld add copy

Connet With Us