සැකකටයුතු මරණයකට ගොදුරු වූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක නාලක වෙදමුල්ල මහතාගේ බිරිඳ චන්දි රණතුංග මහත්මිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යංශයෙන් අත්අඩංගුවට ගෙන ඊයේ (03) දින කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබේ.
මෙයට පෙරද අදාළ චූදිතයා මෙම නිලියට අයුතු යෝජනා කිරීම සම්බන්ධයෙන් ගංගොඩවිල උසාවිය හමුවේද පැමිණිල්ලක් විභාග වෙමින් පවතින අතර මෙම සිදුවීම බත්තරමුල්ල ආසන්නයේදී සිදුකළ බව අධිකරණයේදී හෙළි විය.
සමන් දිසානායක නැමැත්තා ජනාධිපතිවරයාගේ කලා උපදෙශකවරයකු ලෙසද පෙනි සිටින වංචාකරුවකු වන අතර ඔහු වෙනුවෙන් ප්‍රවීන නිළි වසන්ති චතුරානී ඇතුලු කණ්ඩායමක්ද පෙනී සිටියහ.ඔහු හා ජනාධිපතිවරයා අතර පවතින සම්බන්ධය උපයෝගී කරගෙන නීතියෙන් බේරීම සඳහා දැඩි උත්සාහයක්ද ගනු ලැබීය.ඔහු වෙනුවෙන් මිරිහාන පොලීසියද පෙනී සිටියේය.