මිය යන විට 72 වන වියේ පසුවූ කාරියවසම් මහතා අද (04) පෙ.ව 10.00 ට පමණ කොළඹ මහ රෝහලේදී හෙතෙම ජීවිතක්ෂයට පත්වූ බව සඳහන්ය.
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වූ තිස්ස කාරියවසම්ගේ කලා සාහිත්‍ය ශාස්තී‍්‍රය මෙහෙවර නාට්‍ය හා රංග කලාව, නර්තන සාහිත්‍ය, ශාන්ති කර්ම පිළිබඳ පර්යේෂණ, ජනසන්නිවේදනය, සාහිත්‍ය විචාර යනාදී විවිධ ක්ෂේත්‍රයන් පුරා විසිරී පැතිරී පවතියි.
1942 අගෝස්තු 23 වැනිදා බද්දේගමදී උපත ලැබූ ඔහු තිඹිරිගහගොඩ සිංහල මිශ‍්‍ර පාසල, පිලගොඩ මහා විද්‍යාලය, බද්දේගම ශී‍්‍ර රතනසාර විද්‍යාලය ආදියෙන් සිප්සතර හදාරා 1959 විද්‍යෝදය (ශී‍්‍ර ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයෙන් සරසවි අධ්‍යාපනය අරඹා 1960 දී පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට පිවිසිණි.
සිංහල ප‍්‍රධාන විෂය ලෙසත් ලංකා ඉතිහාසය හා පුරා විද්‍යාව උප විෂය ලෙසත් හදාරමින් 1964 දී පේරාදෙණිය සරසවියෙන් ශාස්ත‍්‍රවේදී (B.A) උපාධිය ලැබූ තිස්ස කාරියවසම් මහතා 1968 දී එම විශ්වවිද්‍යාලයෙන් ම මානව විද්‍යාව විෂය සඳහා ශාස්ත‍්‍රපති (M.A) උපාධිය ලබාගන්නා ලදී.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ගණනාථ ඔබේසේකර ආදී විද්වතුන් ගේ සුපරික්ෂණය යටතේ “යක් තොවිල් සහ සිංහල සමාජය” මෙහිදී ඔහු ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධය වූ අතර 1973 වසරේදී හෙතෙම “දර්ශන සූරී“ (PH.D) උපාධිය ලැබුවේ මහා බි‍්‍රතාන්‍ය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙනි.
“ආගමික කටයුතු සහ නව කාව්‍ය සම්ප‍්‍රදායක විකාශනය” නමැති පර්යේෂණ නිබන්ධයට ඔහුට ආචාර්ය උපාධිය හිමි වූ අතර පේරාදෙණිය සරසවියේ දෙවැනි ශාඛාව කොළඹ පිහිට වූ අවස්ථාවේ එහි සහකාර කථිකාචාර්යවරයකු ලෙස විශ්වවිද්‍යාල සේවයට පිවිසි තිස්ස එකල මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමඟ තොවිල්පළවල සංචාරය කරමින් ජන නාට්‍ය අරභයා විවිධ පර්යේෂණ සිදු කළේය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “සිංහල ගැමි නාටකය” ග‍්‍රන්ථයට ඇතුළත් වූ යක් දෙස්සන්ගේ සංවාද පිටපත් කරන ලද්දේ තිස්ස කාරියවසම් මහතා විසින් වන අතර “සිංහල නාට්‍ය ඉතිහාසය” ඔහුගේ මහඟු ශාස්තී‍්‍රය ග‍්‍රන්ථයකි.
1973 වසරේ ජනසන්නිවේදන විෂය මෙරටට හඳුන්වා දුන් අවස්ථාවේ එහි වර්ධනයට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ විද්වතුන් අල්ප දෙනා අතර මොහුගේ නමද පවතින අතර “ජනසන්නිවේදන ප‍්‍රවේශය” ග‍්‍රන්ථය රචනා කළේ මේ නව්‍ය විෂය සිංහලෙන් හඳුන්වාදීමේ අරමුණෙන් බව සඳහන්ය. ්
ලන්ඩනයේදී “ලංකා දර්ශනය” නමැති සංස්කෘතික උළෙල මෙහෙය වූ තිස්ස කාරියවසම් මහතා ඇන්ටන් චෙකොෆ්ගේ නාට්‍ය දෙකක් ඇසුරෙන් “පරස්තාව“, “පෝරිසාදයා” යන නාට්‍ය පිටපත් රචනා කළ අතර ධම්ම ජාගොඩ ශූරීන් විසින් එම නාට්‍ය නිෂ්පාදනය කළේ ය.
ජන ශාන්තිකර්ම කාරියවසම් මහතා විසින් බොහෝ පරියේෂණ සිදුකළ අතර “ශාන්ති කර්ම සහ සිංහල සමාජය” (1975) “රට යකුට හෙවත් රිද්දි යාගය” (1976), පහතරට නර්තන සාහිත්‍යයේ කාව්‍යාවලීන් රැගත් “සිරිලක දෙවිවරු” (1991) ශී‍්‍ර ලංකාවේ දෙවි දේවතාවියෝ හා යකින්නියෝ”, “දෙවොල් දෙවියෝ” (1992), පහතරට බලි ශාන්තිකර්ම පිළිබඳ “බලියාග පිළිවෙළ” පහතරට මඩු ශාන්ති කර්ම පිළිබඳ “ගම්මඩු පුරාණය” (1990), පහතරට බහිරව පිදීම ආශි‍්‍රත “බහිරව පූජා විමර්ශනය” (1994) වැනි ග්‍රන්ථ එහිදී සුවිශේෂීය.
හියු නෙවිල් නමැති ලාංකේය සිවිල් නිලධාරියා බි‍්‍රතාන්‍යයට ගෙන ගිය පුස්කොළ පිටපත් 2777 න් ශාන්ති කර්මවලට අදාළ පිටපත් සියල්ල යළි පිටපත් කොට ලංකාවට ගෙනා කාරියවසම් මහතා ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශ ප‍්‍රධාන, ශාස්ත‍්‍ර පීඨාධිපති, වැඩබලන උප කුලපති, ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති වැනි තනතුරුද හොබවා තිබේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.