සංචාරක හෝටල් සේවකයින් අර්බුධ රැසකට මැදිවෙයි.

Published in පුවත්
Thursday, 04 December 2014 13:09

සංචාරක සේවාවේ සේවයේ නියැලෙමින් විදේශ විනිමය රටේ අර්ථිකයට එකතු කිරීමට සංචාරක හෝටල් සේවකයින් උත්සුකවේ. මේ වනවිට පවතින තත්වය හේතු කොට ගෙන සංචාරක සේවාවේ සේවකයන් මේ වනවිට විශාල ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින බව හෝටල් සේවක මධ්‍යස්ථානය පවසයි.

විශේෂයෙන් සංචාරක හෝටල් සේවකයන්ගේ වැටුප අනෙකුත් ක්‍ෂෙත‍්‍රයන්ට සාපේක්‍ෂව ඉතා අඩු අගයක් ගන්නා අතර සේවා ගාස්තු ප‍්‍රධාන කොට ඔවුන්ගේ ජීවිකාව කරගෙන යනු ලබයි. ඒත් සේවා ගාස්තු ලැබීම්, පියවීම් හා එහි ඇති විනිවිද භාවයන් සම්බන්ධයෙන් හෝටල් තුල විශාල ගැටළු, ආරවුල් මතුව ඇත. මෙයට අමතරව සේවා ගාස්තු සඳහා සේවා භාර අරමුදල්, අර්ථසාධක අරමුදල්, පාරිතෝෂික හා අතිකාල ගණනය කිරීමත් සිදුවන්නේ ද නැත. මේ හේතුවෙන් හෝටල් සේවකයන් විශ‍්‍රාම ගැන්වීමෙන් පසුව ඉතා කටුක අත්දැකීම් වලට ඔවුනට මුහුණ දීමට සිදුව ඇති බව ඔවුන් පවසයි.


මෙයට ප‍්‍රධාන හේතුව ලෙස හෝටල් සේවක මධ්‍යස්ථානය පවසන්නේ එම සේවා ගාස්තුව කිසිදු නීතියකින් ආවරණය නොවන හෝටල් පරිපාලනය මතම පාලනය වන ගාස්තුවක් වීමය. මෙවැනි ගැටළු හා ආරවුල් මතු වී ඇත්තේ මේ සඳහා නීතිමය ආවරණයක් නොවන තත්වයන් යටතේ බවය.

මෙවැනි ගැටලුකාරී තත්වයන් පදනම් කර ගනිමින් හෝටල් සේවක මධ්‍යස්ථානය සේවක ඉල්ලීම් 12 ක් ඉදිරිපත් කර අැත.

01. සේවා ගාස්තුව වැටුපේ කොටසක් ලෙස සැලකීමට නීති සකස් කිරීම.

02. අවම සේවක වැටුප රු. 15000/= ක් දක්වා වැඩි කිරීම.

03. ස්ප්ලිට් (split) සේවා මුර ක‍්‍රමයට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීම.

04. EPF/ETF, Gratiuty අතිකාල සේවා ගාස්තුව ද ඇතුලත්ව ගණනය කිරීම.

05. වසරකට වඩා වැඩි අනියම් සේවකයන් වහා ස්ථිර කිරීම.

06. කොන්ත‍්‍රාත් සේවක ක‍්‍රමය අහෝසි කිරීම.

07. පුහුනූ කාලය වසරකින් පසු රැුකියා ස්ථිර කිරීම.

08. කැඩුම් බිඳුම් ගාස්තු සේවා ගාස්තු වලින් අඩු කිරීම වහා නැවැත්වීම.

09. කුසලතා හා ජ්‍යෙෂ්ඨත්වය පදනම් කර ගනිමින් විධිමත් උසස්වීම් ක‍්‍රමයක් හඳුන්වා දීම.

10. වැඩිවන ජීවන අංකය පදනම් කර ගනිමින් වැටුප් ව3⁄4ධකය ලබාදීම.

11. ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ අනුමත 172 සම්මුතීන් වල නි3⁄4දේශ කි‍්‍රයාත්මක කිරීම.

12. වෛද්‍ය පහසුකම් නොමිලේ ලබාදීම.


මෙම ගැටළු ඉදිරිපත් කරමින් ඒවාට විසඳුම් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us