මහින්ද ෆයිල් කවර අතේ තියන් ඔඩොක්කුවේ සිටින හොරුන්ට කිරි පොවනවා

Published in පුවත්
Thursday, 04 December 2014 11:06

මේ මොහොතේ වඩා ප්‍රමුඛතම කාරණය වන්නේ ඒකාධිපති පාලකයා පරදවා රට යළි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු කර ගැනීම බැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට අවාසානයේ තීරණය කළ බව ෆොන්සේකා මහතා කියා සිටියේය.

ඊයේ(03) පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේය.

2010 ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්ෂකයා ලෙස තනිව බොරළු පාරක ගමන් කළද, මෙවර මෛත්‍රීපාල මහතා බොහෝ පිරිසක් කැටුව අධිවේගයක ගමන් කරන බව ෆොන්සේකා මහතා පැවසුවේය.

2010 වසරේදී මහින්ද රාජපක්ෂ රෙජිමයට එරෙහිව නැඟී සිටියේ මිලිටරි ජෙනරල් බවත්, 2015 දී නැඟී සිටින්නේ සෙකට්‍රි ජෙනරල් බවත්, ඉදිරියේදී ජෙනරල් පබ්ලික් නැඟී සිටීම අනිවාර්ය බවත් ඔහු අවධාරණය කළේය.


ජනාධිපතිවරයා පවසන පරිදි හෙතෙම ෆයිල් කවර අතේ තියාගෙන සිටින බවත්, ෆයිල් කවර අතේ තියාගෙන ඔඩොක්කුවේ සිටින හොරුන්ට කිරි පොවමින් සිටින බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී පාලකයා පැරදවීමටත් පක්ෂයේ ස්ථාවරත්වය රැක ගැනීමටත් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම හෝ පොදු අපේක්ෂකයාට සහයදීම කළ හැකිව තිබුණු බව ඔහු පෙන්වාදුන්නේය.

තමන්ගේ පාර්ශවයේ සිටිනා මීමින්නන් වැනි කුඩා සතුන් ජනාධිපතිවරයා විසින් බාගනිද්දී ආණ්ඩු පක්ෂයේ සිටින කොටින්,සිංහයන් වැනි පතාක යෝධයින් තම පාර්ශවයට එකතුවන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

DNP 0437

DNP 0440

DNP 0452

DNP 0456

DNP 0517

DNP 0535

DNP 0538

DNP 0546

DNP 0620

DNP 0634

DNP 0546

DNP 0620

DNP 0634

DNP 0649

සම්පූර්ණ හඬ පටය

{soundcloud}https://soundcloud.com/lankadaily/fonseka{/soundcloud}

 

Last modified on Thursday, 04 December 2014 11:11

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us