යාපනය බන්ධනාගාරය තුළ ඉන්දීය ධීවරයින් 38 දෙනෙකු රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින පිරිසක් මෙලෙස උපවාසයේ නිරත වේ.
තමන් කඩිනමින් නිදහස් කරන ලෙස බල කරමින් මෙම ධීවරයින් පිරිස ආහාර නොගෙන උපවාසයේ නිරතවී සිටී.
කෙසේ වෙතත් ඉන් ධීවරයින් 08 දෙනෙකු මෙලෙස උපවාසයක නිරත වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.