ලංකාව දූෂණ වංචා වලින් 85 වන තැනට එයි

Published in පුවත්
Thursday, 04 December 2014 10:18

අන්තර්ජාතික දූෂණ සංජනන දර්ශකයේ තවදුරටත් ඉදිරියට පැමිණීමට ශ‍්‍රී ලංකාව සමත් වී ඇත. ඉකුත් වසරේ 91වන ස්ථානයේ පසුවූ ශ‍්‍රී ලංකාව මේ වසර වන විට එම දර්ශකයේ 85 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම ඇති අතර රටවල් 177ක් ඇසුරෙන් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් මෙම දූෂණ සංජනන දර්ශකය සකස් කෙරිණි.

රටක රාජ්‍ය අංශයේ සිදුවන දූෂණ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම දර්ශකය සකස් කෙරේ. කිසියම් රටක රාජ්‍ය අංශය උපරිම ආකාරයෙන් දූෂිත නම් ලකුණු 0ක්ද, සම්පූර්ණයෙන්ම දූෂණයෙන් තොර නම් උපරිම ලකුණු 100ක් ලබා දී මෙම දර්ශකය සකස් කර ඇත.

ලකුණු ලබාදීම සිදුකෙරෙන්නේ බින්දුවේ සිට 100 දක්වා වූ පරාසය තුළය. දර්ශකයට ඇතුළත් වූ රටවල් අතරින් තුනෙන් දෙකකට වැඩි ප‍්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ලකුණු 50කටත් වඩා අඩු ප‍්‍රමාණයකි. මෙවර ලකුණු 92ක් ලබාගනිමින් දූෂණය අවම රටවල් අතරින් ඩෙන්මාර්කය පළමු ස්ථානය හිමිකරගෙන තිබේ.

ලකුණු 91ක් ලබාගත් නවසීලන්තය දෙවන ස්ථානයේ ද, 89ක් ලබාගත් පින්ලන්තය තුන්වන ස්ථානයේ ද පසුවේ. දර්ශකයේ අවසන් ස්ථානයේ පසුවන්නේ උතුරු කොරියාවය. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 8ක්. දකුණු ආසියානු කලාපයෙන් ඉහළම ලකුණු ප‍්‍රමාණයක් ලබාගෙන ඇත්තේ භූතානයයි. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 65කි.

දූෂණ සංජනන දර්ශකය සඳහා නිශ්චිත කාලවකවානුවක් තුළ පරාස කිහිපයක් යටතේ කරුණු විශ්ලේෂණය කෙරේ. රටක ව්‍යාපාරික ප‍්‍රජාව, විශේෂඥයින්, රාජ්‍ය සේවකයින් සහ දේශපාලනඥයින්ගේ දූෂණ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කර ලකුණු ලබාදීම සිදුකර අැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us