වත්මන් ආණ්ඩුව පත් කර ගත්තේ හරි දේ සිදුකිරීමට බවත් නීතිය හැමෝටම පොදු හා සාධාරණ විය යුතු බවත් පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා පවසයි..FCIDයට කැදවීමක් ඇති විට එය කිසි විටෙකත් කතා නායක නිල නිවස නොවිය යුතු බවත් මෙවැනි ක්‍රියා තුළින් ලබා දෙන්නේ වැරදි පූර්වාදර්ශ බවත් පැවසුවේය.

උතුරේ තරුණයන් යථාතත්ත්වයට පත්වීම වැළක්වීමේ  අරමුණින් හිතාමතාම  උතුරට මත්ද්‍රවය සැපයීමේ  වැඩ පිළිවෙළක් ඇතැයි උතුරු පළාත් මහ ඇමති ටී විගනේශ්වරන් පවසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාව අතහැර සිංගප්පුරුව බලා යාමට නියමිත බවට පළවූ මාධ්‍ය වාර්තාපිළිබඳ අදහස් දක්වමින් රටට අවශ්‍ය මෙවැනි මොහොතක රට අතහැර නොයන බවට තමා සහතිකවන බව පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් තබමිනි.

මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණය සඳහා අනිවාර්යයෙන් තරඟ කිරීමට නියමිත බවත් තවමත් තරඟ කරන පක්ෂය තීරණය කර නොමැති බවත් ඔහුගේ ප්‍රකාශක රොහාන් වැලිවිට පවසයි.

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නැඟිට ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස නම් තමාද එය යෝජනා කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු වූ ජේ.එච්.ජයවර්ධන ඊයේ (02) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

ප්‍රධාන බස් නැවතුම් පොළ සහ දුම්රිය ස්ථාන 33ක් සදහා මේ වන විට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දී ඇත.

වලිකාමම් චුන්නාකම් ප්‍රදේශයේ උතුරු ජනනී විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් ජලය අපවිත්‍ර වීම නිසා සිදුවී ඇති පරිසර හානියට හා ජන ජීවිතයට එල්ලවී ඇති තර්ජනයට සාධාරණයක් ඉටු කර ගැනීම අපේක්ෂා කරමින් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් නඩුවක් පවරා ඇත.එම නඩුව මෙම මස 04 වන දින (හෙට) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වීමට නියමිතය.

ld add copy

Connet With Us