රජය, පොදුරාජ්‍ය මණ්‌ඩල යොවුන් ක්‍රීඩා උළෙල සත්කාරකත්වය අත් හරියි

Published in පුවත්
Thursday, 24 September 2015 09:08

වර්ෂ 2017 දී මීළඟ පොදුරාජ්‍ය මණ්‌ඩල යොවුන් ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්‌ඩල සංදේශය පෙරේදා (22දා) කැබිනට්‌ මණ්‌ඩලය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇති බව වාර්තා වේ. ප්‍රතිපාදන වෙන්කිරීමට ඇති අපහසුතාව මුල්කර ගනිමින් අග්‍රාමාත්‍යවරයා සහ මුදල්අමාත්‍යවරයාගේ කරුණු දැක්‌වීම්වලින් අනතුරුව මෙය ප්‍රතික්‍ෂේප වී ඇත.

අදාළ පොදු රාජ්‍ය මණ්‌ඩල යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය සෙන්ට්‌ ලුසියා රාජ්‍යය විසින් වර්ෂ 2011දී ලබාගත්තද, ප්‍රතිපාදන සපයාගැනීම සහ අවශ්‍ය ක්‍රීඩාංගණ පහසුකම් සපයාගැනීමට නොහැකිවීම යන කරුණු මත තමන්ට එය පැවැත්විය නොහැකි බව මෙම මස ආරම්භයේදී පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා මහ සභාවට එරට විසින් දැනුම් දෙන ලදි. මෙම දැනුම්දීමත් සමග එම මහ සභාවේදී අභිනවයෙන් පත්වූ එහි නිලධාරීන් දැඩි අපහසුතාවට ලක්‌වූ අතර මේ සඳහා නව සත්කාරක රාජ්‍යයක්‌ සෙවීමට ඔවුහු ලහි ලහියේ කටයුතු කරමින් සිටිති.

මෙම තත්ත්වය යටතේ අදාළ සංවිධායකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීමේ හැකියාවක්‌ පවතින බව ජාතික ඔලිම්පික්‌ කමිටුව මගින් ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්‌ද සිදුව ඇති අතර එය අවසානයේ මෙම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වී ඇති දයාසිරි ජයසේකර මහතා නිලධාරීන් ගෙන්වාගෙන පැය 48ක්‌ තරම් කෙටි කාලයක්‌ තුළ අවශ්‍ය දත්ත සපයාගනිමින් අදාළ අමාත්‍ය මණ්‌ඩල සංදේශය සකසා ඇති අතර ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000ක්‌ කොළඹට ගෙන්වමින් අදාළ ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා රුපියල් බිලියන 3 ක වැය ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර තිබිණි.

අදාළ මුදලෙන් රුපියල් බිලියනයක මුදලක්‌ ක්‍රීඩාංගණ නවීකරණය කර සූදානම් කිරීම සඳහාත්, ඉතිරිය අනෙකුත් සංවිධාන කටයුතු සඳහාත් යොදවෙන ලෙස මෙය ඉදිරිපත් කර තිබූණි.

දිවයින ඇසුරෙණි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us