විජේවීර දරු පවුලට ජනපතිගෙන් සහනයක්, ඒක ජවිපෙටත් සහනයකි.

Published in පුවත්
Tuesday, 22 September 2015 22:46

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ උදවියට ලබාදී තිබුණු වැලිසර නාවික හමුදා කඳවුරේ විවාහක නාවික නිලයන්ට අයත් නිවස තවත් මාස 6 ක කාලයක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා බලධාරීන්ට උපදෙස් ලබාදී ති‍බේ.

ආරක්ෂක කවුන්සිලය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ලබාදී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේය.

රටේ පැවති සාමකාමී වාතාවරණයත් සමග නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වටපිටාව උදාකරලීම සඳහා විජේවීර බිරිඳ ඇතුළු පවුලේ උදවිය නාවික හමුදා භාරයෙන් නිදහස් කිරීමට තීරණය කර තිබුණු බවත්,එම තීරණය දැනුම් දී තිබුණේ ඉකුත් පෙබරවාරි මාසයේ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මාධ්‍ය මගින් කෙරුණු ඉල්ලීම් හා උපුටා දැක්වීම් හේතු කොටගෙන ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ආරක්ෂක මණ්ඩලය රැස්කොට ඔක්තෝම්බර් මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 6ක් නාවික හමුදා භාරයේ එකී නිවසේම රැඳී සිටින්නට ඉඩලබාදී ඇති බව ඔහු කියා සිටියේය.

 තම ඥාතීන්ට එම නිවස තව දුරටත් භාවිතා කිරීමට ඉඩ ලබාදෙන ලෙස විජේවීර බිරිඳ හෝ පවුලේ කිසිවෙක් ඉල්ලීම් කර නොමැති බවද හෙ‍තෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ කෙසේ නමුත් මේ ගැටළුව නිසා බරපතල අර්බුදයකට මුහුණා සිටින ජවිපෙ වත්මන් නායකත්වයටද මේ මාස හයේ සහනය මහත් අස්වැසිල්ලක වනු ඇති බව දේශාපාලන නිරීක්ෂකයෝ පවසති. මන්ද මේ පුවත සත්හඬ පුවත්පත මඟින් හෙළි කළ වහාම එම පවුල තමන් බාර ගන්නා බවට එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා කළ ප්‍රකාශයද පක්ෂය දේශපාලනික වශයෙන් අර්බුදයකට ගෙන ගිය අතර පසුව විජේවීර මහත්මිය මාධ්‍ය හරහා ලබා දුන් පිලිතුර නිසා සමස්ත පක්ෂ සාමාජිකත්වයම පක්ෂ නායකත්වය කෙරෙහි කළ කිරී ඇති බවත් එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ තත්වය මත පක්ෂයට පක්ෂ සාමාජිකයා හමුවේ පැවැසීමට සාධාරණ හේතුවක් නොමැති විය. තමන් සැලකූ බවත් ඉදිරියටත් සලකන බවත් කියමින් නන් දෙඩවීම හැර ජවිපෙන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් වැදගත් පිළිතුරක් ලැබුණේ නැත. මේ නිසා ප්‍රශ්නයට තවත් හය මසක් ලැබීම ජවිපෙට ලැබුණු ලොකු සහනයකි.

Last modified on Tuesday, 22 September 2015 22:50

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us