කෝප් කමි‍ටුවේ හිටපු සභාපති චරිත හේරත්ව යළි එම කමි‍ටුවට නම් නොකිරීම ගැන ඔහුගේ වේදනාව ප්‍රකාශයට පත් කරමින් ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අලුතෙන් පත්කිරීමේදී දූෂිත ක්‍රමයට පක්ෂව සිටින හොරු සහ ඩීල්කාරයන් දවසකට ජය ගෙන ඇතැයි ඔහු පවසයි.

ගැස්ට් රිවර්ස් කිරිමේ වදන ජනප්‍රිය වූයේ මෑතකදීය..ඒ ගෝඨාභය පාලන සමයේදී නිරන්තරයෙන් ගැසට රිවර්ස් කිරීම නිසාය. උදේ ගහන ගැසට් එක හවස රිවර්ස් කරන තරමට මෙය සිදු විය. එකෙන්ම ඒ විහිළුවක් බවට පත්ව තිබිණී.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෝ ඇමති ධුර වෙන්දේසි කර අටවාගෙන ඇති ආණ්ඩුවට හෝ කිසිදු ජනමතයක් නොමැති බවත් තවත් මන්ත්‍රී ධුර 10 ක් විපක්ෂයට එක් වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසා තිබිණි.

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා දුර්වල තැනක බව දැන් කලාන්තරයක් තිස්සේ නැඟෙන අඳෝනාවකි. වත්මන් තත්වය තුළ ජාත්‍යන්තර සමීක්ෂකයන්ට අනුව පවුල් 10 න් 08 කට පමණ ආහාර ප්‍රමාණාත්මකව සපයාගැනීම ගැටළුවක් වී තිබේ. ළම හා කාන්තා මන්ද පෝෂණය උග්‍ර වී ඇත. විශාල ප්‍රමාණයේ ඉලක්කම් සමඟ දැන් කියැවෙන්නේත් මේ රටේ ආහාර සුරක්ෂිතතාවයක් නොමැති බවය.

විදූලි බිල් වැඩි වීම ගැන භික්ෂු විරෝධය අනුව තේරුම් යන්නේ නිවන උදා කරගන්න නම් පත්තු වුණු බල්බ තිබිය යුතු බව වත්මන් බුද්ධාගමේ භික්ෂු පරපුර තේරුම් ගෙන තිබෙන බවය. එහි පුදුමයක් නැත. අද භික්ෂු සාසනයේ සාතිශය බහුතර භික්ෂුන් කටයුතු කරන්නේ බුද්ධ දේශනාව අනුව නොවන බව පැහැදිලි කාරණයකි. අද බුද්ධ බලය, විදුලි බලයට යටත් කර තිබේ. බල්බ පත්තු නොකර නිවන් යන්න බැරි යැයි සිතන්නේ ඒ් නිසාය.

රටේ 'ජනමතය' දේශපාලකයෝ නිතර තොරොම්බල කරන වචනයකි. ජනමතය මේ යයි කියමින් ඡන්ද පන්දාහක්වත් ජනමතයක් නැති දේශපාලන පක්ෂද කතා කරන්නේ ඔවුන්ගේ මතය රටේම මතය යැයි සිතාගෙනය. මෙය නොදන්නාකම, අනවබෝධය මත හෝ තක්කඩි කමට කරනවා ඇතැයි කියා සාධාරණව සිතුවත් බොහෝ විට මේ අය ඇත්තටම හිතන්නේ රටේ ජනමතය තමන්ගේ මතය බවය.

ශ්‍රී ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතාව තහවුර කිරීමට ජාතික සැලැස්මක් ඔස්සේ කටයුතු කළයුතු බව ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපනය කිරීමේ සමාරම්භක වැඩසටහන අමතමින් ඊයේ ප්‍රකාශ කර තිබිණි.

මෙම වැඩසටහන ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ලිට්‍රෝ ගෑස් ටෙන්ඩරයෙන් කොටි 130 ක් ගසා කාලා යැයි කෝප් කමි‍ටු සභාපති චරිත හේරටත් විසින් දේශපාලන වේදිකාවක කළ කතාවක් ගැන පුවත් වාර්තා වෙමින් ඇත.

වෙබ් අඩවියක සඳහන් වූ මේ පුවත ගැන සටහන් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් ද තිබේ.

ld add copy

Connet With Us