subash
ජනපති කියනවා නම් 16 කල්ලිය යළි ඇමැතිකම් බාරගැනීමේ තීරණයක
නව කැබිනට් මණ්ඩලයක් අද දින පත් කිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කෙරුණද ඒ ජනපතිගේ බ්‍රිතාන්‍ය සංචාරයෙන් පසුව සිදු වනු ඇති බව පැවැසේ. කෙසේ නමුත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව කටයුතු කළ ශ්‍රීලනිපයේ 16 දෙනා ඊයේ ඇමැතිකම් වලින් ඉවත් වූ බව ප්‍රකාශයට පත් කළද ජනධිපතිවරයා මිළඟ (22 දා) ශ්‍රිලනීප මධ්‍යම කාරක සභාව හමුවේ ගන්නා තීන්දුව මත යළි ඇමැතිකම් බාර ගැනීමේ බලාපොරොත්තු ද තබා ගෙන සිටී.
චීනයේ වෙරළක් යැයි සිතා ගෙන 1494 ඔක්තෝබර් 12 දින උදෑසන ක්‍රිස්ටෝපර් කොලොම්බස් බහාමාස් වල දූපතකට ගොඩ බැස්හ. ආගන්තුක සත්කාර වලට ලැදි ස්වදේශිකයෝ ඔහුට පළතුරු වර්ග, ධාන්‍ය වලින් සාදන ලද පාන් වර්ග,වියලි කොළ වර්ගයක් තෑගි කළහ. කොලොම්බස් වියලි කොළ ටික මුහුදට විසිකර අනෙකුත් දෙවල් තබා ගත්හ.
මිතුදම් සඳහා වන පාපන්දු (Football for Friendship) වැඩසටහන පළමු වරට ලංකාවේ දී
2018 FIFA ලෝක කුසලානය යනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර ළමා සමාජ ව්‍යාපෘතිය සඳහා වූ පාපන්දු සමාජයේ හයවැනි පාපන්දු තරගාවලිය පැවැත්වෙන දින පිළිබඳව පසුගිය දා (5) නිවේදනය කරන ලදි.
අපිට ඕන උනේ ශ්‍රීලනීපය සීසී කඩ කරන්න. ඒක අපි කළා - ජී එල්
අගමැති රනිල් වික්‍රමසිංහ ඉලක්ක කරමින් ගෙන ආ විශ්වාසභංගයෙන් තමන් බලා පොරොත්තු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සී සී කඩ කර ඉහිරවා දැමීමත් ආණ්ඩුව තුළ පැතිරීමක් සහිතව ගැටලු මතුකර එය අවුල් කර දැමීම බව පොදුජන එක්සත් පෙරමුණේ නායක මහාචාර්ය ජී එල් පීරිස් අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
විශ්වාසභංගයට පෙර ඇමැතිකම් අත්හරිති. එය නොගෙනෙන්නැයි ජනපතිගෙන් බලපෑම්.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් ශ‍්‍රිලනිප ඇමතිවරුන් සියළු දෙනා තමන් සියළු දෙනා ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දන්වා ඇත.
හැදෙනවා නම් මෛත්‍රීට තව එකම අවස්ථාවක් තිබේ. නැත්නම් කුණු බක්කිය තමා
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයට පත්වීම ඔහුට වෙනම ආතල් එකක් වූ බව පසුගිය වසර තුනකට ආසන්න කාලය තුලදී කළ කී දෑ වලින් ඔප්පුසිද්ධ කරනු ලැබ තිබෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ඒ ගැන අප ඕනෑ තරම් ලියාකියා පෙන්වා දී ඇත.
තවත් වසර 75 කට පරාජය කරන්න බැරි යයි කිව් රාජපක්ෂලාගේ වියරු ඒකාධිපති පවුල් ආණ්ඩුව 2015 ජනවාරි 08 වනදා පෙරලා දැමීම අහම්බයක් නොව වසර ගනනාවක සැලසුමකි. පැති ගනනාවකින් ප්‍රහාරාත්මක බලවේග සූදානම් කෙරිණි. ඒ අතර ඇතුලතින් පහරදීමේ ක්‍රියාන්විතයක් ද දියත්ව තිබිණි. එනම් රාජපක්ෂලාගේ සැලසුම් අවුල් කිරීම මෙන්ම එහි කොටසක් කඩා වෙන් කිරීමය.
හුටා... ශ්‍රීලනීප තක්කඩි, ඇමැතිකම් ටික බේරගන්න තීන්දු කරලා...!
විශ්වාසභංගය විවාදයට ගැනීමට නියමිත් 04 වන දාට පෙර අගමැතිවරයා තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම (42ක් සිටි බව පවසයි) අද සවස පැවැති සාකච්ඡාවකදී තීරණය කළ බව රාජපක්ෂ අගුපිලෙ වැටී සිටින ශ්‍රිලනිප ඇමැතියෙක් වන ලක්ෂමන් යාපා අබේවර්ධන පැවසූ බව මාධ්‍ය වර්තා කරයි. මෙය ජනාධිපතිගේ උපදෙස් මත ගත් තීරණයක් බවද පැවැසේ..
විශ්වාසභංගයට හේතු වූ 'දූෂණ විරෝධී අධිකරණ පනත' 5 දා පාර්ලිමේන්තුවට !
මහා පරිමාණ මූල්‍ය අපරාධ සහ දූෂණ නඩු විභාග කිරීම කඩිනම් කිරීමේ අරමුණින් ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවා ඉතා කෙටි කලක් තුළ නීතිය කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීමට හැකි වන සේ සංශෝධනය කළ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත එළඹෙන අප්‍රේල් 05 වන දින පාර්ලිමේන්තුවේ සම්මතය සඳහා නැවත ඉදිරිපත් කිරීමට නියමිතය.
වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වා දුන් නව දේශීය ආදායම් පනත අද (01) සිට බල පැවැත්වේ. ඒ අනුව ගෙවන්න වන බදු ගැන මේ වන විට සංවාදයක් රටේ ඇතිව තිබේ. මීට මාස කිහිපයකට පෙර හිටපු ජනාධිපතිවරයාගේ නමින් නිවේදනයක්ද මේ සම්බන්ධයෙන් නිකුත් කෙරිණි. එහිදී මෙහි ඇති දෝශ ගනනාවක් ද පෙන්වා දී තිබේ.
