subash
'මන්ත්‍රී වැටුප් සත 5ක් වැඩි කරන්න දෙන්නේ නෑ'- ජනපති
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප සත පහකින් හෝ වැඩි කරන්නට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.
ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුල මේ වන විට විශාල වශයෙන් දැව ජාවරම හා ජාන මංකොල්ලය හා වල්ලපට්ට කැපීම, මැණික් පතල් හෑරීම ඇතුළු නිති වීරෝධි ක්‍රියාවන් සිදුවෙමින් පවතී. සමස්ථ සිංහරාජයේ විවිධ ප්‍රදේශවල මේ වන විට ඉහත පෙන්වාදුන් නිතී විරෝධි ක්‍රියාවන් සිදුවන අතර සිංරාජයේ මාණික්කවත්ත, රජවත්ත, වැද්දාගල , කුඩවව,රඹුක ,බටේමුල්ල වැනි ප්‍රදේශවල මෙම තත්වය වඩා වර්ධනය වෙමින් පවතී. එයට අමතරව සිංහරාජයේ පරිවාර වනාන්තරයක් වන වළංකන්ද, තණබොල, ප්‍රදේශයත් දැව ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට මේ වන විට හසුවී ඇත.
තිරය ඉදිරියේ පෙළහරපානා නළු නිළියන් බොහෝ දෙනෙකු ගැන පුවත්පත් ලිපි පළවුණත් ඔවුන් හැඩකරන්නෝ පිළිබඳ ලියැවෙන්නෙ හුඟක් අඩුවෙන්. ඒ වගේම ඒ අය වැඩිය මාධ්‍යයට එන්නෙත් නැති තරම්. කෙසේ වෙතත් තිරපිටුපස සිටින උදවිය නිර්මාණයක් වෙනුවෙන් කරන කැපකිරීමත් සුළුපටු නැහැ. අප එක්කාසුකරගත්තා එවන් වූ නිර්මාණකරුවෙක්ව. ඔහු නමින් තිළිණ ලක්ෂාන් හෙට්ටිගමගේ. මේ දිනවල අතිසාර්ථකව තිරගතවන යශෝධරා චිත්‍රපටයේ වස්ත්‍රාභරණ නිර්මාණය කළේ ඔහු.
“මරණ දඬුවම” පිළිගත නොහැක්කක් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කර ඇතැයි වතිකානය අද (2දා) සඳහන් කළේය.
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු භික්ෂු කතිකාවත් පනත වහා ඉවත් කර ගන්නට කටයුතු නොකළ හොත් එහි පනවන නීති රීති ලත් තැනම ලොප් කරන්නට සංඝ සමාජය කටයුතු කරන බව සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
රත්මලාන ගුවන්තොටුපොළ දීර්ඝ කාලීන සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ දියුණු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
සිනමා ටෙලි නාට්‍ය රචක සහ සිනමා කතා රචක නඩරාජා මනිවානන් මහතාගේ නිර්මාණයක් ඔහුගේ අනුදැනුමකින් තොරව චිත්‍රපටයක් තැනීම සඳහා භාවිතා කිරීම යන මූලික කරුණු යටතේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා සහ නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය වෙත නඩු පැවරීමට කටයුතු කරන බව මනිවානන් මහතා පවසයි.
එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වැඩිවීම නිසා විදේශ විනිමය පිට රටට ගලාගෙන යෑම වැළැක්වීමට එම ධාරිතාවයට අයත් වාහනවල බදු වැඩි කිරීමට කටයුතු කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (16) පත්කර තිබේ.
