subash

subash

කොවැක්ස් යාන්ත්‍රණය යටතේ ‌මෙම මස 7 වැනිදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත කොවිඩ් එන්නත් දෙලක්ෂ හැටහතරදහසක් (2,64,000) වයස අවුරුදු 60 ඉක්මවූවන්ට පමණක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළසිරුරු ඉරණතිව් දුපතේ භූමදානය කිරීම සඳහා රැගෙන යෑමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාව නිකුත්කර තිබේනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් තොගය ලබන ඉරිදා මෙරටට ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර තිබේ.

රට තුළ ආර්ථික ගැටළු ‍රැසක් පවතින බව කිසිසේත්ම සැඟවිය යුතු රහසක් නොවේ. ඒ රට කඩා ඉහිරවන්න තරම් ආර්ථික අර්බුදයක් දක්වා තවමත් විහිදී ගොස් නැති නමුත් තිබෙන අභියෝග සුළුප‍ටු නැත.

ජවසම්පන්න පරපුරක් උදෙසා "ගමට පිටියක්" ජාතික වැඩසටහන යටතේ රට පුරා ග්‍රාමීය ක්‍රීඩා පිටි 332ක් එකවර සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සව අවස්ථාව ඊයේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එන්නත් කෙරෙහි පමණක් පූර්ණ විශ්වාසය තබා කිසියම් රටක් කොරෝනා මර්දනය කිරීමට කටයුතු කරන්නේ නම් එය බරපතළ අත්වැරැද්දක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

කුමන විභාගය අසමත් වුවත් අනාගත තරුණ පරපුරේ ජීවිත සමත් කරවීම රජයේ වගකීමක් බව “Skills” ශ්‍රී ලංකා වැඩසටහනේ උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන මේ වන විට ඉතා ම සාර්ථකව ක්‍රියාත්මක වෙයි. ඊයේ (01) රාත්‍රී 8.30 වන විට මෙරට කොවිඩ් එන්නත ලබා දුන් සමස්ත පිරිස 509275ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කරයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙවර විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර බඳවාගත් සිසුන් 10 588 දෙනාට සාපේක්ෂව විශ්වවිද්‍යාල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දී ඇත.

Connet With Us