subash

subash

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු ලබන 03 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද නියෝග කර තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (19) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ආරම්භ විය.

ඉතිහාසයේ පළමු වරට කජු සංස්ථාව මාර්තු මාසයේ රුපියල් කෝටියක ආදායමක් උපයා ඇති බව සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර දෙකක් පිරෙන තැන අගරදරු මැල්කම් රංජිත් හිමිපානම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබිණි. එහිදී ඔහු අවධාරණය කරන්නේ මෙම ප්‍රහාරය ආගමික අන්තවාදයට මුවා වී සිදු කළ දේශපාලනික බලය වෙනුවෙන් සිදු කළ ප්‍රහාරයක් බවය.

එළඹෙන 21 වනදා දිවයින පුරා සියලුම දේවස්ථානවල පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහි කර දේව මෙහෙයන් සහ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබීම හේතුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථාන ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැනුම්දී තිබේ.

උත්සව සමය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් ධාවනය කිරීම හා වැඩිපුර මුදල් ලබාගැනීමේ චෝදනාව මත අන්තර් පළාත් පෞද්ගලික බස් රථ දහනවයක් ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරන්ඩා ඊයේ (18දා) ප්‍රකාශ කර තිබේ.

කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ අගමැති මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ සියලු පක්ෂ නායකයන් අතර අද (19 වැනිදා) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවැත් වීමට නියමිතයි .

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසම් සභා පනත් කෙ‍ටුම්පත සම්බන්ධයෙන් බරපතල විවාදාත්මක තත්වයක් මේ මොහොත වෙන විට පැන නැගී ඇත. මේ ගැටලුව මෙරට දේශපාලනයේ තීරණාත්මක කරුණක් බවටද පත් වෙමින් තිබේ.

තව දින කිහිපයකින් එනම් අප්‍රේල් 21 වන දිනට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී වසර දෙකක් සම්පූර්ණ වේ. වසර දෙකක් සම්පූර්ණ වීමෙහි විශේෂයක් නැති නමුත් මේ සිදුවීම අලලා විපක්ෂ කොටස්වල නහයෙන් ඇඬීම්, ඩෙඟා නැටීම්, වලින් සමන්විත රංගනයක් ‍රැසක් මේ දිනවල දැකගැනීමට හැකි වෙනු ඇත.

පසුගියදා තහනම් කළ ඉස්ලාම් අන්තවාදී සංවිධාන එකොළහකට අයත් නායකයන් ඇතුළු ක්‍රියාකාරි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇතැයි වාර්ථාවේ.

Connet With Us