තහනම් සංවිධාන සාමාජිකයන් අත් අඩංගුවට !

Published in පුවත්
Friday, 16 April 2021 09:00

පසුගියදා තහනම් කළ ඉස්ලාම් අන්තවාදී සංවිධාන එකොළහකට අයත් නායකයන් ඇතුළු ක්‍රියාකාරි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇතැයි වාර්ථාවේ.

මේ අනුව මෙම ඉස්ලාම් සංවිධාන තහනමත් සමග ඒවායේ සාමාජිකයන් රටින් පැනයාම වළක්වාලීම සඳහා පෙරේදා (14 වැනිදා) සිට ආරක්ෂක විධිවිධාන තර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇත.

මේ අනුව මුහුදු මාර්ගයෙන් වෙනත් රටවලට පැනයාම වැළැක්වීම සඳහා නාවික හමුදාවටද ආරක්ෂාව තර කිරීමට නියෝග කර තිබේ. මීට අමතරව රටේ අභ්‍යන්තර ආරක්ෂාව තරකර බුද්ධි අංශ මෙහෙයුම්ද ව්‍යාප්ත කර ඇත.

තහනම් කළ සංවිධානවල අභ්‍යන්තරයේ සිටින පුද්ගලයන් ඇතුළු ප්‍රධාන චරිත දැනටමත් හඳුනාගෙන ඇති බැවින් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එක්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේය.

එමෙන්ම එම මෙහෙයුම්වලට සමගාමීව රටින් පැනයාමට තැත්කරන පුද්ගලයන් හඳුනා ගැනීමට ගුවන් තොටුපළේ බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ව්‍යාජ ගුවන් බලපත්‍ර සකස් කර රටින් පැනීමට යන පුද්ගලයන් හඳුනා ගැනීමේ විශේෂ ක්‍රමවේද පවා ඊයේ (15 වැනිදා) වන විටත් ක්‍රියාත්මක කර තිබේ. අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හෝ පුනරුත්ථාපනයට යොමු කිරීම ඔවුන්ට නැඟෙන චෝදනා අනුව සිදුවේ.

වව්නියාව, පුන්තෝට්ටම්හි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් ඇතුළුව අන්තවාදී මත දරන්නන් පුනරුත්ථාපනය සඳහා වෙනමම පුනරුත්ථාපන මධ්‍යස්තානයක්ද දැනටමත් සූදානම් කර ඇත.

තහනම් කළ සංවිධාන එකොළහකට අයත් බැංකු ගිණුම් හා දේපළ තහනම් කිරීමට ද මේ වන විට පියවර ගෙන තිබේ. සංවිධාන එකොළහ තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අප්‍රේල් 13 වැනිදා ජනපති ගෝඨාභය රාජපක්ෂ අත්සන් කර ඇත.

ඒ කෙසේ නමුත් මෙම සංවිධාන ගොන්නට අයත් ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානය මෙම තහනමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පසුගිදා ප්‍රකාශකර තිබිණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us