පෝට් සිටි’ පිළිබදව අගමැති අද විශේෂ සාකච්ඡාවක

Published in පුවත්
Monday, 19 April 2021 08:58

කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ අගමැති මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ සියලු පක්ෂ නායකයන් අතර අද (19 වැනිදා) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවැත් වීමට නියමිතයි .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහන් කරන්නේ මතභේදයට තුඩු දී ඇති වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මෙන්ම ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි.

විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය බ්‍රහස්පතින්දා ( 15 වැනිදා) මාධ්‍ය හමුවක් පවත්වමින් දැඩි විවේචනයක් සිදු කරමින් කියා සිටියේ මෙම කොමිෂන් සභාවට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවයි.
කෙසේවෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරෙනු ඇති බවයි වර්තවෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us