උත්සව සමයේ අකටයුතු වැඩ කෙරු බස් රථ 19ක් ගැන පරීක්ෂණ !

Published in පුවත්
Monday, 19 April 2021 09:20

උත්සව සමය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් ධාවනය කිරීම හා වැඩිපුර මුදල් ලබාගැනීමේ චෝදනාව මත අන්තර් පළාත් පෞද්ගලික බස් රථ දහනවයක් ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරන්ඩා ඊයේ (18දා) ප්‍රකාශ කර තිබේ.

මගීන්ගෙන් වැඩිපුර මුදල් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් බස් රථ හතක් ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව වැඩිපුර මගීන් ප්‍රවාහනය කළ බස් රථ 12 ක්ද මේ අතර වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

මේ අතර උත්සව සමයේ ගම්බිම් බලා ගිය ජනතාව කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා දෛනිකව ධාවනය වන බස් රථ අටසීයට අමතරව තවත් බස් රථ හාරසියයක් යොදවා තිබෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us