subash

subash

ශ්‍රී ලංකාවේ පිහිටි තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාලවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

මැදපෙරදිග යුධ ගැටුම් ආරම්භ වීමෙන් පසු අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් පළමු ගුවන් යානය අද (03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

ඉරානය න්‍යෂ්ටික අවි නිපදවමින් සිටින බවට කිසිදු සාක්ෂියක් මොස්කව් පාලනය මෙතෙක් දැක නොමැති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වුණහොත් එය ඊළඟ මාසයේදී අනිවාර්යයෙන්ම ඉන්ධන මිලට එකතු වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පැවසීය.

විදෙස් රටවල ගුවන්තොටුපොලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගුවන් මගීන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.

අද කාලගුණය

Published in පුවත්
Tuesday, 03 March 2026 06:59

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වන විට මැද පෙරදිග යුධමය තත්වය මත මැදපෙරදිග කලාපය හරහා සිදුවු ගුවන් ගමන් සියල්ලම පාහේ නවතා දැමීමට පියවර ගැනීමෙන්, මැදපෙරදිග ගුවන් හුවමාරු හරහා ගමන් කරමින් සිටි ගුවන් මගීන් ලක්ෂයකට වැඩි පිරිසක් එම ගුවන් තොටුපල වල අතරමංව සිටී.

මහජන හදිසි තත්ත්වය යළිත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මැද පෙරදිග රටවල මේ වන විට ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් අද (02) සිට ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Connet With Us