අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුකදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
ඒ සඳහා අවශ්‍ය යෝජනාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ප්‍රශ්නය - පෙබරවාරි 28වෙනිදායින් පස්සේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ කටයුතු සිදුවුණේ නැහැ. ඒ එක්කම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාගේ කටයුතුත් අහෝසි වුණා. මෙවැනි තත්ත්වයක් එක්ක හදිසි නීතිය දීර්ඝ කිරීම ගැන අවධානය යොමු වෙලා තියෙනවා ද.?
නලින්ද ජයතිස්ස - අනිවාර්යයෙන්ම.
ප්‍රශ්නය - දින තාම තීරණය කරලා නැද්ද කොහොමද.?
නලින්ද ජයතිස්ස - ඒ ගැන සලකා බලමින් ඉන්නවා. ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තමයි කල්පනා කරන්නේ.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයත් සමඟ මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරුණි.
ඒ අනුව එම තත්ත්වය පසුගිය 28 වැනිදායින් අවසන් වූ අතර එය දීර්ඝ කිරීමක් සිදුවූයේ නැත.
ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ කාර්යය ද අවසන්වී තිබේ.
කෙසේවෙතත් මැදපෙරදිග යුද තත්ත්වයක් ඇතිවීමත් සමඟ රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි බියට පත් වූ ජනතාව මේ වනවිට පෝළීම්වල අනවශ්‍ය රැඳි සිටින ආකාරයක් දැකීමට හැකිය.

