ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව රුසියාවෙන් ප්‍රකාශයක්

Published in පුවත්
Tuesday, 03 March 2026 19:44

ඉරානය න්‍යෂ්ටික අවි නිපදවමින් සිටින බවට කිසිදු සාක්ෂියක් මොස්කව් පාලනය මෙතෙක් දැක නොමැති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.

"ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට අපට තවමත් කිසිදු සාක්ෂියක් ලැබී නැහැ. ඇත්ත වශයෙන්ම, මෙම යුද්ධය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කළ ප්‍රධානතම සහ එකම හේතුව වූයේත් එයයි," යනුවෙන් ලැව්රොව් මහතා වැඩිදුරටත් පැවසීය.

ඉරානයට එල්ල වන මෙම ප්‍රහාරවල ප්‍රතිවිපාක දැන් මුළු කලාපය පුරාම දැනෙමින් පවතින බවත්, විශේෂයෙන්ම අරාබි රටවලට මෙහි ආර්ථික පිරිවැය දැරීමට සිදුව ඇති බවත් රුසියානු විදේශ අමාත්‍යවරයා අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ගැටුම් හේතුවෙන් සිදුවන ජීවිත හානි සහ දේපළ හානි හේතුවෙන් අසල්වැසි රටවල් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව රුසියාව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us