ලෝක වෙළෙඳපොළේ ඉහළ යන ඉන්ධන මිල ලංකාවට කොතරම් කාලයකින් බලපාන්නේද යන්න සම්බන්ධව මාධ්‍යවේදියෙකු කරන ලද විමසීමේදී සභාපතිවරයා මේ බව කියා සිටියේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02 වැනිදා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව පැවසුවේය.
බොර තෙල් මිල පසුගිය මාසය ඇතුළත ක්‍රමයෙන් ඉහළ ගිය බවද, පසුගිය වසරක පමණ කාලය ගත්විට බොර තෙල් සඳහා වැඩිම මිලක් වාර්තා වූ බවද ඔහු කීවේය.
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යාම ලංකාවට දැනෙන්න තවත් මාසයක් දෙකක් ගතවනු ඇතැයිද, මේ මාසයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අද (03 වැනිදා) දිනයේදී විශ්ලේෂණය කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

