එහි සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පැවසුවේ සිය ඉල්ලීමවලට රජයෙන් යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවය.
එම වෘත්තීය ක්‍රියාමාර්ගයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තීය ක්‍රියාමාර්ග 7ක ද මේ වන විට නියැලෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා,
''මේ ආරෝග්‍යා ව්‍යාපෘතිය කියන්නේ මොකද්ද? මේකේ පිටිපස්සේ තියෙන අරමුණ මොකද්ද කියලවත් අපි දැනුවත් වෙලා නෑ. සක්‍යතා අධ්‍යනයක් කරලා තියෙනවද මේ ආරෝග්‍යා ව්‍යාපෘතියට. මේක කාගේ අවසරයකින් ද කරන්නේ කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ. රටේ සෞඛ්‍ය සේවාව ඇතුළේ දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තියෙද්දී ප්‍රශ්නයක් නැති තැන්වලට, එක වගේ දෙක දෙක වැඩ කරන්න පටන් අරන් තියෙනවා. අපිට සාදාරණ සැකයක් තියෙනවා මේක දේශපාලන අරමුණකින් කරන වැඩක් කියලා. වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍යයේ තියෙන ප්‍රශ්න විසඳන්නේ නෑ කියලා සාක්ෂාත් කරලා පෙන්නලා ප්‍රශ්න නැති තැන්වල වවාගෙන කෑමක් කරන්නේ. ඒ නිසා කිසිම දෙයක් නොදන්න, දේශපාලන මුහුණුවරක් ගත්ත මේ වගේ වැඩකටයුත්තකට සහභාගී නොවී ඉන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කරලා තියෙනවා''

