subash

subash

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට (26) දහවල් 12 සිට සවස 6 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඇවන්ගාඩ් සමාගම පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නිකුත් කළ නියෝගයක් බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (25) නියෝග කර තිබෙනවා.

විපක්ෂයේ කණ්ඩායම් අද (25) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරතවී තිබේ.

පාතාල ක්‍රියා­කා­ර­කම් හමුවේ ඇතිවී තිබෙන විවිධ ගැටුම් හා නොහොඳ නෝක්කා­ඩු­කම් හේතු­වෙන් ඇතිවූ මරණ තර්ජන මත ගන්දර පොලිස් වසමේ පුද්ග­ල­යින් දහ­සය දෙනෙකු සඳහා (16) පොලිස් ආර­ක්ෂාව ලබාදී ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මෙන්ම හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාද වන විශ්‍රාමික මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් වසරේ (2025) ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම අඩුවී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ තොරතුරු සඳහන් කරයි.

2026 T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තරගය වෙනුවෙන් අද (25) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.

2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

අද කාලගුණය

Published in පුවත්
Wednesday, 25 February 2026 09:57

දකුණු පළාතෙත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් අද (25) පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Connet With Us