subash
වසර 6ක් පුරා ප්‍රමාද කර ඇති රේගු නිලධාරීන්ගේ උසස්වීම් හා වැටුප් මෙන්ම තවත් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් වහාම ලිඛිත, සාධාරණ විසඳුම් ලබා නොදෙන්නේ නම් අකමැත්තෙන් වුවද දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රේගු වෘත්තීය සමිති සන්ධානය පවසයි.
උඩරට එළවළු රැසක තොග මිල ගණන් පහත බැස ඇති බව වෙළෙඳුන් පවසයි.
අමරකීර්ති ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති හමුවීමට එයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතන නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විත්තිකරුවන්ගේ ඥාතීන් පවසයි.
විදේශිකයන්ට විශ්‍රාමික දිවිය ගතකිරීමට දැරියහැකි හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත් වෙයි
2026 වසර සඳහා වන ‘International Living’ වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට (Annual Global Retirement Index) අනුව, විදේශිකයන් සඳහා විශ්‍රාමික දිවිය ගතකිරීමට ලොව වඩාත්ම දැරියහැකි (Most Affordable) ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී පත්වී තිබෙනවා.
ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
මැලේසියාවේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2016 වසරේන් පසු රාජ්‍ය සේවයට එක්වූ සේවකයන්ට සුබ පණිවුඩයක්
2016 වර්ෂයේ ජනවාරි මස 01 වන දිනට පසු රාජ්‍ය සේවයට බඳවා ගත් නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට අදාළ පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.
අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ! වැසි අඩු වෙන ලකුණු
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද(23) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පස්සර – බදුල්ල මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා.
