subash

subash

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදි සංශෝධන රහිතව සම්මත වුණි.

එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා එක් දින සංචාරයක් සඳහා අද(17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියා.

වාර්ෂිකව මෙරටින් ළමා පිළිකා රෝගීන් 900ක් පමණ වාර්තා වන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙන අනුපාතයන්ට වඩා ඉහළ පොලී අනුපාතයක් වාණිජ බැංකු විසින් අය කරන්නේ නම් ඒ සම්බන්ධව “1935’’ දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ජනපති අද ඉන්දියාවට

Published in පුවත්
Tuesday, 17 February 2026 09:31

ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි මහ­තාගේ විශේෂ ආරා­ධ­නය අනුව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා AI Impact Summit 2026 සඳහා සහ­භාගි වීමට අද (17) පස්ව­රුවේ ඉන්දි­යාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මින් ඉදිරියට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණය සිදුකරනු ලබන්නේ සුදුසුකම් සහ පලපුරුද්ද මත පමණක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (17) පැවැත්වීමට නියමිතව තිබේ.

2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වේ.

අද (17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (16) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩාමට හිමි වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

Connet With Us