වාර්ෂිකව මෙරටින් ළමා පිළිකා රෝගීන් 900ක් හදුනා ගැනේ

Published in පුවත්
Tuesday, 17 February 2026 09:44

වාර්ෂිකව මෙරටින් ළමා පිළිකා රෝගීන් 900ක් පමණ වාර්තා වන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසයි.

එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා සඳහන් කළේ ළමා පිළිකා සඳහා නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති බවයි.

දරුවා තුළ හදිසියේ යම් වෙනසක් ඇති වන්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත යොමු කරන ලෙසද දෙමව්පියන්ට දැනුම්දී ඇත.

තම දරුවාගේ අසාමාන්‍ය ඉදිමුමක්, කුද්දැටි ඉදිමුමක්, ඇසේ කළු ඉංගිරියාවේ සුදු පැහැති පෙන්වීමක්, උදේට උදේට හිසරදය සමග වමනය ඇති වීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කිරීම වැඩිහිටියන්ගේ වගකීමක් බවත් වෛද්‍යවරයා කියයි.

රෝගීන් සඳහා රජයෙන් නොමිලේ ප්‍රතිකාර ලබා දෙන බවද, මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා රෝග අංශයට පැමිණ ප්‍රතිකාර කරගත හැකි බවද හෙතෙම පවසයි.

ලංකාවේ බහුලව වාර්ථා වන ළමා පිළිකා අතර ලේ පිළිකාව හෙවත් ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත පිළිකා, අස්ථි පිළිකා, ඇස ආශ්‍රිත පිළිකා දැක්විය හැකි බවද වෛදවරයා වැඩිදුරටත් කියයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us