බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී දිවයිනට

Published in පුවත්
Tuesday, 17 February 2026 11:17

එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා එක් දින සංචාරයක් සඳහා අද(17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියා.

ඔහු සමග එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීවරුන් 07 දෙනෙකු , දූත පිරිස ලෙස සහභාගී වීම සඳහා පැමිණ සිටියා.

ඔවුන් අද (17) උදෑසන 09.11 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම පිරිස පිළිගැනීම සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

මේ සංචා­ර­යේදී ඒ මහතා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක, අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය සහ විදේශ කට­යුතු, විදේශ රැකියා හා සංචා­රක ඇමැති විජිත හේරත් මහත්ම මහ­ත්මීන් හමුවී සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මිත බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සඳහන් කරනවා.

මේ සංචා­රයේ ප්‍රධාන අර­මු­ණක් වන්නේ ‘ළමා රැක­ව­ර­ණය පිළි­බඳ ගෝලීය ව්‍යාපා­රයේ ප්‍රඥ­ප්ති­යට’ (Charter for the Global Campaign on Children’s Care) අදාළ ගිවි­සු­ම­කට අත්සන් තැබී­ම­ටයි.

ඩේවිඩ් ලැමී මහතා ඇතුළු පිරිස අද (17) සවස ආපසු පිටත්ව යාමට නියමිතයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us