subash

subash

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් දකුණු බෙංගාල බොක්ක මධ්‍යම මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණයවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.

ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් මස පළමුවැනිදා සිට රේගුවේදී සියයට දෙකහමාරක (2.5%) බද්දක් අය කිරීමට අයවැයෙන් අනුමතවීම නිසා අප්‍රේල් සිට වාහන මිල ඉහළ යන බව වාහන ආනයනකරුවෝ පවසති.

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් ශ්‍රි ලංකාව තුළ පවත්වා ගෙන යනු ලබන ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපොළවල සේවය කිරීම සඳහා බඳවා ගත් නව සේවකයින් 184 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (15) දින පස්වරු 03.00 ට කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පැවැත් වී තිබෙනවා.

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සියලු නීතිඥවරුන් අද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වීමට නියමිතය.

අද කාළගුණය

Published in පුවත්
Monday, 16 February 2026 09:26

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා (16) ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතය.

2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2026.02.13 වන ඊයේ දින අවසන් වූ අතර සිංහල හා දෙමළ පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2026.03.03 වන අඟහරුවාදා දින ආරම්භවන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

Connet With Us