සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ඇරඹේ

Published in පුවත්
Monday, 16 February 2026 09:37

2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වීමට නියමිතය.

විභාග මධ්‍යස්ථාන 3,545ක අපේක්ෂකයින් 451,463ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හෙට (17) සිට ලබන 26වනදා දක්වා විභාගය පැවැත්වෙන අතර විභාගය ආරම්භ වීමට පැයකට පෙර නියමිත මධ්‍යස්ථානවලට අපේක්ෂකයින් පැමිණිය යුතු බව විභාග කොමසාරි ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය.

කෙසේවෙතත් රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පැවසුවේ විභාගයට පෙනී සිටින සිසුන් අද දිනයේ සැහැල්ලු මනසකින් සිටීමට කටයුතු කළ යුතු බවය.

''අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට කලින් පළවෙනි වැදගත්ම දේ තමා අධ්‍යයනය කරලා තියෙන පාඩම්වලට අමතරව අලුතින් පාඩම් කියවන්න උත්සාහ කරන්න එපා..කලින් කියවලා තියෙන පාඩම් නැවත අවර්ජනය කරන එක හොඳයි.. විභාගයේ දී ඔබේ මනස නිරවුල්ව පවත්වා ගැනීම සඳහා ගෙදරදී සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන්න..විභාගයට කලින් දවසේ නිදි මරාගෙන පාඩම් කරන එක සුදුසු දෙයක් නෙමේ... හෙට දිනයට අවශ්‍ය පෑන්, පැන්සල් ඔබ සූදානම් කරගන්න.. විභාගයට මුහුණ දෙද්දී පළවෙනි විනාඩි 5 ඉතා වැදගත්.. පළවෙනි විනාඩි පහේ ඔබේ හිතේ පීඩනය ගොඩක් වැඩිවෙන්න පුලුවන් ඒ නිසා පළවෙනි විනාඩි පහේ පළවෙනි උත්තරය ලියන්න උත්සාහ කරන්න එපා.. ප්‍රශ්න පත්‍රය කියවලා ලියන්න පුලුවන් පහසු ප්‍රශ්නයක් තෝරාගෙන තමා විභාගය ලියන්න පටන් ගන්න ඕනේ..''

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us