නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වසර 6ක් පුරා අසාධාරණව අහිමි කළ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සියලුම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික ආර්ථිකයට, ව්‍යාපාරික ප්‍රජාවට හා මහජනතාවට ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම සිය වගකීම් පැහැර හරින ලද බලධාරීන් විසින් භාරගත යුතු බවද අදාළ නිවේදනයේ සඳහන් වේ.

