පස්සර – බදුල්ල මාර්ගයේ නායයෑමක්

Published in පුවත්
Sunday, 22 February 2026 12:52

පස්සර – බදුල්ල මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා.

මේ වනවිට එක් මන්තීරැවක් පමණක් ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

මේ අතර නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, ගඟ ඉහළ කෝරළය, දොළුව, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගළ කෝරළය, උකුවෙල, විල්ගමුව, රත්තොට, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මින් පෙර නිකුත් කර තිබූ රතු නිවේදන එළැසින්ම බලපැවැත්වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කන්දේකැටිය, හපුතලේ, පස්සර සහ බණ්ඩාරවෙල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුනුවර, පාතහේවාහැට, පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල සහ බුලත්කොහුපිටිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, හඟුරක්කෙත සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ සහ කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසත් අනතුරු අඟවා තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, වලපනේ, නෝවුඩ්, අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කළවාන සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවධානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා ඇත.

එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (22) පෙරවරු 09.30 සිට හෙට පෙරවරු 08.30 දක්වා බලපැවැත්වෙන බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us