subash

subash

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වනවිට ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

138 වැනි ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.

ඉන්ධන මිළ පහළට !  

Published in පුවත්
Tuesday, 30 April 2024 22:19

අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ සමාගම IOC පියවර ගෙන තිබේ.

මෙම සංශෝධන යටතේ සියලුම ඉන්ධන වර්ගවල මිල පහළ දැමීම සිදුවෙයි.

ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භ වේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බිලින්කන් සහ සෞදියේ ඔටුන්න හිමි කුමරු අතර හමුවක් සිදුව තිබේ.

මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් (30) තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 2023 වසරේ දී රු. බිලියන 215.9 ක මුදලක්, සේවක අර්ථසාධක අරමුදලෙහි ප්‍රතිලාභ ආපසු ගෙවීම් ලෙස ගෙවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය මෙතෙක් ඉතිහාසයේ තනි වර්ෂයක් තුළ ගෙවා ඇති ඉහළම ප්‍රතිලාභ ගෙවීම් වටිනාකම වේ.

ගුවන් සේවා ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් සිදු කරමින් මෙරට ජාතික ගුවන් සේවය අන්තර්ජාතික තලයට ගෙන ඒමටත් වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයෙන් මුදවා ගැනීමටත් මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කිරීමට මෙරට කීර්තිමත් ව්‍යවසායකයෙක් වන සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම සූදානම්ව සිටින බව එම සමාගම නිවේදනය කරයි.

Connet With Us