ඉන්ධන මිළ පහළට !  

Published in පුවත්
Tuesday, 30 April 2024 22:19

අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ සමාගම IOC පියවර ගෙන තිබේ.

මෙම සංශෝධන යටතේ සියලුම ඉන්ධන වර්ගවල මිල පහළ දැමීම සිදුවෙයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 368කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420කි.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 333කි.

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 377කි.

භූමිතෙල් මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 215ක් වෙයි.

ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව දැනුම්දෙයි.

අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණි.

 01

Last modified on Tuesday, 30 April 2024 22:25

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us