138 වන කම්කරු දිනය වන විට ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇත - ජනපති කියයි Featured

Published in පුවත්
Wednesday, 01 May 2024 08:23

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වනවිට ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

සිය කම්කරු දින පණිවිඩයෙන් ඔහු පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයෑමේ වගකීම සියලුදෙනාටම පැවරෙන බවය.

සමූහිකත්වයෙන් යුතුව වැඩකිරීම මගින් එය ජයගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කම්කරු දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ආර්ථික අර්බුදය හමුවේ මෙරට කම්කරු ජනතාව එය නොසැළී විඳදරාගැනීම ප්‍රසංශනීය බව එම පණිවිඩයේ දැක්වෙයි.

කම්කරු ජනතාව තවදුරටත් දිළිඳු ජනතාවක් ලෙස රඳවා ගැනිම රජයේ අරමුණ නොවන බැවින් අරගලයකින් තොරව ඔවුනගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කම්කරු දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළා වූ ඉතිහාස සටහන් මත අප 138 වන වරට ලෝක කම්කරු දිනය සමරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මෙවර කම්කරු දිනය සමරනුයේ වැඩබිම ද අභියෝගයන්ට ලක්වූ තීරණාත්මක කාලයක බව අග්‍රාමත්‍යවරයා සිය කම්කරු දින පණිවිඩයෙන් පෙන්වාදෙයි.

ආර්ථික අර්බුදයන්ට මුහුණදුන් ලොව බොහෝ රටවල් නැවත ගොඩනැගුනේ වැඩකරන ජනතා ශක්තියෙන් බව අග්‍රාමත්‍යවරයාගේ කම්කරු දින පණිවිඩයේ සඳහන් වෙයි.

නැවත ආර්ථිකය ගොඩනැගීමට වැඩකරන ජනතාව අඛණ්ඩව ලබාදුන් කැපවීම අගය කිරීම සඳහා කම්කරු දිනය යොදාගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය කම්කරු දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.

 -P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us