මැයි දිනය වෙනුවෙන් අද සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Published in පුවත්
Tuesday, 30 April 2024 08:34

මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ, කොළඹ නගරය ඇතුළු මැයි රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සංවිධාන කටයුතු ආරම්භ කර තිබේ.

මෙවර මැයි දින පෙළපාලි හා රැළි කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගණයේදී.

ඒ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පැවසුවේ, පවතින කාලගුණ තත්ත්වය මත මෙවර මැයි දින පෙළපාලියක් නොපවත්වන බවයි.

සමගි ජන බලවේගයේ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ කොටුව චැතැම් වීදියේදීය.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ, කොළඹ ගුණසිංහපුර ක්‍රිඩාංගණයේ පෙළපාලියකින් චැතැම් වීදිය දක්වා පැමිණෙන බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ තවත් මැයි දින රැළියක් තලවාකැලේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය මෙවර පැවැත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු පැවසුවේ, ඒ සඳහා පක්ෂයේ සියලු සාමාජිකයින් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර රට හදන විසඳුමට, ජන බලය එක පෙළට තේමා කර ගනිමින් ජාතික ජන බලවේගයේ මැයි දින රැළි දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වේ.

කොළඹ මැයි පෙළපාලිය සවස 2.00ට බී. ආර්.සී ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන අතර රැළිය සවස 3.30ට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී පැවැත්වීමට නියමිතයි.

යාපනයේ මැයි රැළිය උදේ 10ට තන්දෙයි සෙල්වා රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ජාතික ජනබලවේගයේ මාතර මැයි පෙළපාලිය සවස 2.00ට රාහුල හන්දියෙන් ආරම්භ වී සවස 3.30 ට මාතර වෙරළ උද්‍යානයේදී රැළිය පැවැත්වීමට නියමිතයි.

අනුරාධපුර මැයි පෙළපාලිය සවස 2.00 ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වන අතර මැයි රැළිය සවස 3.30ට අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව ජාතික ජනබලවේගය සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, කොළඹ නගරයේ මැයි දින පෙළපාලි සහ රැළිවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6000ක් යොද වන බවයි.

තවත් 4000ක පොලිස් නිලධාරීන් පිරිසක් අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂාවට යොදවනු ඇති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අවශ්‍ය වුවහොත් හමුදාවේ සහාය ලබා ගන්නා බවයි.

මේ අතර අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගතයුතු බවය.

මෙම නීතිය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ වනු ඇති.

කොළඹ නගරයේ මැයි දින පෙළපාලි හා රැළි 14ක් පැවැත්වේ.

දිවයින පුරා සංවිධානය කර ඇති මැයි දින පෙළපාලි හා රැළි ගණන 40කි.

Last modified on Tuesday, 30 April 2024 09:57

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us