subash
අලුත් ජනපතිට, ඉතාම කෙටි කලක දී ජනතාව ආර්ථික වශයෙන් නැඟිට්ටවන්න පුළුවන්කම තියෙන්න ඕනේ - මහාචාර්ය අතුකෝරාල
පසුගිය මාස 26ක කාලයේ දී රජය දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.
මහ බැංකු අධිපතිව ඉවත් කරන්න බැහැ. ඉවත් වෙන්නෙත් නැහැ.
පසුගියදා පැවති ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්වී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වීමත් අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමත් සිදුව තිබෙන තත්වය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ සිය ධුරයෙන් ඉවත් වෙනු ඇති බව හෝ ඔහුව ඉවත් කරනු ඇති බවට රාවයක් පැතිර තිබේ.
මහ මැතිවරණය ගැන සාකච්ඡා කිරීමට සමගි ජන සන්ධානයේ නායකයින් අද රැස්වේ
ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය පිළිබදව සාකච්ඡා කිරිම සදහා සමගි ජන සන්ධානයේ නායකයින් අද (24) රැස්වීමට නියමිතයි.
ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර ඇත.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටකිරීමේ සිද්ධියට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂවරයකු අත්අඩංගුවට
ආන්දෝලනාත්මක 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ.
අනුරට තවත් අභියෝගයක්. දේශපාලන අර්බුදයක් කට මුල.
ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා ලෙස අනුර කුමර දිසානායක පත් විය. බහුතර ඡන්ද දායකයාගේ ජන වරමක් නොවුණත්, සුළුතරය අතරින් සුළුතරයේ බහුතරය අත්පත් කරගැනීමක් වුණත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඔහුය. ඉදිරි වසර 5 ඔහුගේ විධායක බලය ප්‍රකාරව රට පාලනය වෙනු ඇත.
