subash
මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා - කොදෙව් ක්‍රිකට් තරගාවලි නැරඹීමට online ප්‍රවේශ පත්‍ර
එළැඹෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඔක්තෝබර් 6 වනදා සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ජාතික සංහිදියාව වෙනුවෙන් කැපවූ විශිෂ්ටයින්ට චීන ජනපතිවරයාගෙන් සම්මාන
චීන මහජන සමූහාණ්ඩුවේ 75වන ජාතික දිනයට සමගාමීව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රටේ සමස්ත ජාතීන්ගේ සමගිය හා ප්‍රගතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආදර්ශවත් කණ්ඩායම් හා පුද්ගලයන් වෙත සම්මාන ප්‍රදානය කිරීම පසුගියදා සිදු කළේය.
රට පුරා රසිකයින් සිටින නිසා පාර්ලිමේන්තු මැතිවරණයට මා සුදානම් - කමල් අද්දරආරච්චි
යුගයේ අවශ්‍යතාවය අනුව ජනතාවගේ යහපත වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත්වීමට තමා සූදානම් යැයි ජනප්‍රිය සිනමා නළු කමල් අද්දරආරච්චි ‘දිවයින’ට පැවසීය.
සීමාව ඉක්මවා ප්‍රචාරක වියදම් කළ ජනපති අපේක්ෂකයන්ට වැඩ වරදින ලකුණු
ජනාධිපතිවරණයට තරග කරන ලද අපේක්ෂකයන් සීමාව ඉක්මවා ප්‍රචාරක වියදම් සඳහා මුදල් වැයකර ඇත්නම්, ඔවුන් ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
බදු නොගත් නිසා කෝටි 30,000ක් ඛනිජ තෙල් සංස්ථාවට අහිමි වෙයි
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පුද්ගලික අංශයට පවත්වාගෙන යාමට ලබාදී තිබෙන ඉන්ධනහල්වලින් බද්දක් අය කිරීමට ගත් තීරණය වසර 18 ක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සංස්ථාවට අහිමිවූ අදායම රුපියල් කෝටි 30,000 කට අධික බව අනාවරණය වේ.
ජනපති දුන් පොහොර, ධීවර සහනාධාර මැතිවරණ කොමිසම අත්හිටුවයි
මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000ක දීමනාවක් හා ධීවර ප‍්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවනු ලැබ ඇත.
ගවයින් ප්‍රවාහනය කළ ලොරියකට පොලිසියෙන් වෙඩි ! එක අයෙකු තුවාල ලබා රෝහලට
පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
