subash

subash

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ලබන 30 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ සිදු කෙරේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.

ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා අද (25) රාත්‍රී 7.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

කාලගුණය අදත් අයහපත්

Published in පුවත්
Wednesday, 25 September 2024 07:49

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරුන් මෙලෙස පත්කර ඇති බවය.

එම නාමලේඛනය පහත පරිදි වේ,

සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකවරුන්, සියලුම මන්ත්‍රීවරුන් ඒකමතිකව මට යෝජනා කළා අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස මගේ නායකත්වයෙන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න...යැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නව කැබිනට් මණ්ඩලය අද (24) දින දිවුරුම් දීම සිදු කර ඇත. ඒ අනුව නව අගමැතිවරයා ලෙස හරිණි අමරසූරිය පත් කර ඇත. එමෙන්ම නව රජයේ අමාත්‍ය මණ්ඩලයද දිවුරුම් දීම සිදුවන අතර නව අමාත්‍ය මණ්ඩලය යටතට අමාත්‍යාංශ 15ක් ගැසට් කිරීමට නියමිත බව වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි කිසිදු මැතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කරයි. අද එජාප මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

Connet With Us