නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද පස්වරුවේ

Published in පුවත්
Wednesday, 25 September 2024 08:11

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ සිදු කෙරේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.

පළාත් 09 යේම ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් මේ වනවිට ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක සහ ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ යන මහත්වරුන් ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්විය.

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ස් මහත්මිය සහ වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් ලිපි නිකුත් කර තිබුණි.

මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියකින් දැනුම් දුන්නේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us