එළැඹෙන උත්සව සමය සඳහා විශේෂ දුම්රිය සහ බස් ධාවනය හෙට (22) සිට ආරම්භ වේ.

උත්සව සමයට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනා මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට IMF දෙවන වාරිකය, ADB සහ ලෝක බැංකුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

බදු බර අඩු කිරීම මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පඳහන් කර සිටින්නේ, මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බවයි.

බ්‍රිතාන්‍ය ජාතික Colin Armstrong නමැති 78 හැවිරිදි වියේ පසුවන කෝටිපති ව්‍යාපාරික ව්‍යාපාරිකයෙක් පැහැර ගත් බවට වාර්තා වූ අතර ඉක්වදෝරයේ පොලිසිය විසින් ඔහු සොයා ගැනීමට සමත්ව ඇත.

බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහැනක් යොදා වන අලියෙකු ඝාතනය කිරිමේ චෝදනාවක් මත 54 හැවිරිදි ගොවියෙකු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය අඩවිවන කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 22 වනදායින් අවසන් වන බව වාර්තා වෙයි.

"Sri Lanka Resilience, Stability and Economic Turnaround (RESET) Development Policy Operation" යන ඩොලර් මිලයන 500ක වැඩසටහනෙහි දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ.

වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් (2024-2029) ප්‍රකාශයට පත් කෙළේය.

Connet With Us