මත්කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමේදී ජනතා සහාය අත්‍යවශ්‍ය බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

උත්සව සමයේ බිත්තර මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සමග පැවැති සාකච්ඡාවකදී පවසා ඇත.

දෙවන එළිසබෙත් මහ රැජිණගේ සහ පිලිප් එඩින්බ‌රෝ  කුමරුගේ එකම දියණිය හා දෙවන දරුවා වන එංගලන්තයේ ඈන් කුමරිය මෙරට සංචාරයක් සදහා නිරත වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කර තිබේ.

තරුණයින් ගොවිතැනට ආකර්ශනය කර ගැනීමේ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට තීරණය කර තිබේ.

පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙළ යටතේ 2018 වසරේ සිට ආනයනය කළ පොහොර තොග ගොවි ජනතාවට ලබානොදී වැඩි මිලට විවිධ කර්මාන්තශාලාවලට අලෙවි කර රජයට පාඩු කළ බව කියන සමාගම් 07ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ක්‍රීඩා සමාජ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ලිංගික සංසර්ගයට කැමැත්ත පළ කිරීමේ අවම වයස පිළිබඳ වයස අවුරුදු 14-16ත් අතර පාසල් දරුවන්ගෙන් 97.3% කට අවබෝධයක් නොමැති බව සමීක්ෂණයකදී හෙළිවී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන දෙවැනි වාරිකය සඳහා අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

මෙරට තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

Connet With Us