News Items (18842)
ඊශ්‍රායලය තම ගොඩබිම් ප්‍රහාර, මධ්‍යම ගාසාවේ සරණාගත කඳවුරු දක්වා විහිදුවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ස්ථාවර මට්ටමකට පත් වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
ගොවීන් ට ලබා දීම සදහා ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21ක තොගයක් භාවිතයට ගත නොහැකි වන ලෙස දිලීර වර්ධනයක් වී ඇති බව වාර්තා වෙයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මත්ද්‍රව්‍ය සැකකරුවන් 1422 ක් අත්අඩංගුවට - රට පුරා යුක්තිය මෙහෙයුම් අඛණ්ඩව
ඊයේ දින (27) රට පුරා යුක්තිය මෙහෙයුම්වලදී සැකකරුවන් 1422 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 35 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපුවෙකු ගතවූ මාසයක කාලයකදී දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී බැතිමතුන් විසින් පූජා කළ මුදල් හා රත්‍රං නිවසට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධව වැඩබලන පොලිස්පති නියමයෙන් වංචා විමර්ශන ඒකකය විශේෂ විමර්ශනයක් අරඹා ඇත.
සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් කොවිඩ් වැළඳීමෙන් මිය යයි
සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් කොවිඩ් වැළඳීමෙන් අභාවප්‍රාප්ත වී තිබේන බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.
රජයේ මුදල් අවභාවිත කළ ජනක චන්ද්‍රගුප්තගේ පැටිකිරිය එළියට
හියුමන් ඉමියුනොග්ලොබින් කුප්පි පනස්හයදාහක් තිබියදීත් රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වැය කරමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු සැකකරුවන් එන්නත් කුප්පි ගෙන්වමින් පොදු දේපොළ පනතේ වරදක් සිදුකර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙණවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළාය.
යුක්‍රේනයේ යුද ගැටුම් වලට අමෙරිකාවෙන් තවත් යුද ආධාර
අමෙරිකාව විසින් යුක්‍රේනයේ යුද ගැටුම් සඳහා තවත් යුද ආධාර ලබාදීමට තීරණය කර තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ලිහිසි තෙල් මිල ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ලෝක වෙළඳපොලේ WTI තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.27 දක්වා ඉහළ යාමක් සඳහන් වේ.
