මත්ද්‍රව්‍ය සැකකරුවන් 1422 ක් අත්අඩංගුවට - රට පුරා යුක්තිය මෙහෙයුම් අඛණ්ඩව

Published in පුවත්
Thursday, 28 December 2023 10:44

ඊයේ දින (27) රට පුරා යුක්තිය මෙහෙයුම්වලදී සැකකරුවන් 1422 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 35 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

සැකකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 73 දෙනෙකු ද ඊයේ අත්අඩංගුවට ගත් අතර එහිදී හෙරොයින් ග්‍රෑම් 347 ක්, අයිස් ග්‍රෑම් 827 ක් සහ ගංජා කිලෝ 5 යි ග්‍රෑම් 475 ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද සඳහන් .

මේ අතර රන් මාල සහ ත්‍රීරෝද රථයක් කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (27) රාත්‍රියේ පිටකොටුව පොලිස් වසමේ හෙට්ටිවීදිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක යෙදී සිටි පිටකොටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රන් භාණ්ඩ අලෙවි කිරීමට පැමිණ සිටි සැකකටයුතු පුද්ගලයින් තිදෙනෙක් එලෙස සිය භාරයට ගෙන තිබිණි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 23, 29 හා 32 යන වයස්වල පසුවන එගොඩඋයන සහ මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් ඇඹිලිපිටිය පොලිස් වසමේ රියදුරුට පහරදී කොල්ලකන ලද ත්‍රීරෝද රථයක් යොදාගෙන කළුතර උතුර, දකුණ හා ගම්පහ යන පොලිස් වසම්වල සිදුකරන ලද කොල්ලකෑම් රැසක් අනාවරණය වී තිබේ.

කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල සොරකම් රැසක් පිළිබඳව ද එහිදී තොරතුරු ලැබී ඇත.

කොල්ලකන ලද ත්‍රීරෝද රථය ඉන්ධන අවසන්වීම හේතුවෙන් කළුතර උතුර පොලිස් වසමේ දමාගොස් තිබිය දී පොලීසිය සොයාගෙන තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us