එක පිට එක ජාත්‍යන්තර ආධාර

Published in පුවත්
Wednesday, 20 December 2023 19:49

2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට IMF දෙවන වාරිකය, ADB සහ ලෝක බැංකුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ඒ අනුව IMF වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකය, ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) විවිධ වැඩසටහන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සහ ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එක්සත් ජනපද ඩොලර් මිලියන 787ක් වන මෙම මූල්‍ය පහසුකම් හරහා අයවැය ශක්තිමත් කිරීම සහ රටේ විදේශ සංචිත වැඩිදියුණු කිරීම අරමුණු කරයි.

මේ අතර මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ කැපී පෙනෙන ලෙස විදේශ විනිමය රටට ගලාඒමත් සමග එය රටේ විදේශ සංචිත ශක්තිමත් කරන බවය.

ඒ අනුව 2023 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 04 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us