ඇමෙරිකන්‌ ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ්‌ ට්‍රම්ප්‌ සහ වත්මන්‌ උප ජනාධිපතිනී කමලා හැරිස්‌ අතරේය.

මෙරට පාසල් සිසුන්ට 2025 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බව මෙරට චීන තානාපති චී.ෂෙන් හොනග් මහතා පැවසීය.

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ලබන 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

වෙළදපොලේ ලොකු ළුෑණු මිල ඉහළ යමක් දක්නට ලැබේ.

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) යි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අප්‍රිකානු සූකර උණ රෝගය (African Swine Fever) පැතිර යාම වළක්වා ගැනීම සඳහා ආසාදිත සතුන් මානුෂික ආකාරයෙන් (වේදනා රහිතව) විනාශ කිරීම සඳහා ප්‍රබල විද්‍යුත් කම්පනයක් හෝ එක එල්ලේ හිසට වෙඩි තබන ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළ හිමියන්ට උපදේශන මාලාවක් ලබාදීමට නියමිතය.

සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

 2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය සලකනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Connet With Us