තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි

Published in පුවත්
Monday, 04 November 2024 08:37

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) යි.

ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

තවදුරටත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දහිමියන් සඳහා තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී නොවැම්බර් 7 සහ 08 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීම හා මනාප ලකුණු කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සෑම ඡන්ද දායකයෙකුම එක් ඡන්දයක් ඇති අතර එය පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ලබා දිය හැකි බව සඳහන්ය.

ඡන්දය ලබාදෙන දේශපාලන පක්ෂය හෝ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකය සහ ලකුණ ඉදිරියෙන් ඇති හිස්කොටුව තුළ කතිර ලකුණක් යෙදිය යුතුවේ.

ඉන් අනතුරුව එම පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් නාමයෝජනා ලබා දෙන ලද තුන්දෙනෙකුට නොවැඩි අපේක්ෂකයන් ගණනක් සඳහා මනාපය පළ කිරීමට ඡන්ද පත්‍රිකාවේ අග දැක්වෙන එක්එක් අපේක්ෂකයන්ට වෙන්කර දී ඇති අනුක්‍රමික අංකය ඇතුළත් කොටුව මත කතිර සලකුණක් යෙදීම සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

මේ අතර ඡන්දදායකයා විසින් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකකට වැඩි ගණනකට ඡන්දය පළ කර ඇත්නම් හෝ පසුව හඳුනාගනු ලැබීමට හේතුවිය හැකි යම් ලකුණක් ඡන්ද පත්‍රිකාව මත තැබුවහොත් එම ඡන්දය බලරහිත වන බව සඳහන්ය.

එමෙන්ම ඡන්දය සහ මනාපය ලබා දී‍මේ දී කතිරය පමණක් භාවිතා කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us