ලබන වසරේ සියලු පාසැල් නිල ඇඳුම් චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සැරසේ

Published in පුවත්
Monday, 04 November 2024 10:15

මෙරට පාසල් සිසුන්ට 2025 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බව මෙරට චීන තානාපති චී.ෂෙන් හොනග් මහතා පැවසීය.

අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට ලබාදෙන චීන තානාපති ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් කැප්පෙටිපොළ ජාතික පාසලේ දී ඒ මහතා මේ බව කීවේය. වසර 2023 දී සියයට 70ක් සහ 2024 වසරේ දී සියයට 80ක් ශ්‍රී ලංකාවේ පාසල්වල සිසු දරු දැරියන් සඳහා පාසල් නිල ඇඳුම් චීන රජය පරිත්‍යාග කළ බවත් නව වසරේ දී එම ප්‍රමාණය සියයට සියයක් දක්වා වැඩි කිරීමට චීනය තීරණය කර තිබෙන බවත් තානාපතිවරයා කීවේය. එය මේ වසර අවසන් වීමට පෙර කාණ්ඩ 3ක් යටතේ ලබා දීමට අපි අපේක්ෂා කරන බවත් වීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු වගේම හොඳ හවුල්කරුවකු බවත් වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රබල නායකත්වය යටතේ ශ්‍රී ලංකාව නව යුගයක් කරා ගමන් කරමින් සිටින බවත් හෙතෙම මෙහිදී කියා සිටියේය.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන 2018 වර්ෂයේ දී ආරම්භ කර මේ වනවිට මෙරට පාසල් 20ක ක්‍රියාත්මක වන බවත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා මේ වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් තානාපතිවරයා පැවසුවේය.

-p.m

Last modified on Monday, 04 November 2024 10:16

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us