පරාටේ නීතිය නිසා දේපොල අහිමිවූ 127 දෙනෙක් දිවි නසාගෙන

Published in පුවත්
Monday, 04 November 2024 11:49

ඇතිවූ ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකිව පරාටේ නීතිය යටතේ තමන්ගේ දේපොල අහිමිවූ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 127 දෙනකුට ආසන්න පිරිසක් මේ වනවිට සියදිවි හානිකරගෙන ඇතැයි දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයේ සභාපති චම්ලි කුමාරසිරි කුරුණෑගලදී ඊයේ (3වැනිදා) පැවැති එම සංගමයේ රැස්වීමකදී සඳහන් කළේය.

තවත් පිරිසක් ඉදිරියේදී සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයක සිටින බවද එහිදී අනාවරණය විය.

දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයට සම්බන්ධ දිස්ත්‍රික්ක 17 ක නියෝජිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. ඉදිකිරීම්, වැවිලි, සංචාරය, සහල්, කුකුළු ගොවිපළ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට අයත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ මීට සහභාගි වූහ.

පාස්කු ප්‍රහාරය, කොවිඩ් අර්බුදය සහ රටේ පැවැති මූල්‍ය අර්බුදය හමුවේ වසර හතරක පමණ කාලයක සිට මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ලම විශාල ඇදවැටීමකට ලක් වුණා. නමුත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර සහනයක් දීමට මෙතෙක් පැවැති කිසිදු රජයක් ක්‍රියා නොකළ බව ද චම්ලි කුමාරසිරි මෙහිදී අවධාරණය කළේය.

මෙම අර්බුදකාරි තත්ත්වය යටතේ ව්‍යාපාර සඳහා ලබාගත් ණය ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මේ වනවිට අධිකරණ නියෝග ලබාගෙන ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාරික ස්ථානවලින් එළියට ඇද දැමීම නිසා ඔවුන් අද මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට ගොදුරු වී සිටින බවත්, පරාටේ නීතියට යටත් කළ කිසිම ව්‍යාපාරිකයකුට කොපමණ ඉල්ලීම් කළත් බැංකුවලින් සහනයක් නොලැබුණ බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.

එබැවින් පසුගිය කාලයේදී සමස්ත රටටම මුහුණ දීමට සිදුවූ ආර්ථික අර්බුදයෙන් විපතට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගොඩ ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා සිටින බවත්, චම්ලි කුමාරසිරි පැවැසීය.

දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයේ ජාතික සංවිධායක අනිල් නිරෝෂණ සහ එහි ලේකම් සාගරිකා වීරසිංහ ද මෙහිදී අදහස් දැක්වූහ.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us