සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට

Published in පුවත්
Monday, 04 November 2024 09:41

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ලබන 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වුවද පසුගිය වසරේ දී ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

"මෙහිදී අරමුණ වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම තරුණ පරපුර විශේෂයෙන්ම කලින් සරම්ප එන්නත ලබානොගත් හෝ අතපසුවීමකින් බොහෝ වෙලාවට එසේත් නොමැති නම්, සරම්ප එන්නතින් සම්පූර්ණ ආරක්ෂාව ලබානොගත් හෝ එසේත් නොමැති නම්, සරම්ප එන්නත් මාත්‍රා එකක් පමණක් ලබාගත් අය සිටිනවා නම්, ඒ අය තෝරා බේරාගෙන ඒ අයට නැවත වරක් සරම්ප මාත්‍රාවක් ලබාදීම තමා ප්‍රධාන අරමුණ. වාසනාවකට වගේ අපේ රට තුළ සරම්ප එන්නත්කරණය හරහා පසුගිය අවුරුදු 10 - 20 ඇතුළත ඉතා විශාල ප්‍රගමනයක් ඇති කරගෙන තියෙනවා. ඒ හරහා අපිට පුළුවන් වුණා සරම්ප සම්පූර්ණයෙන්ම තුරන් කරන්න. නමුත් වෙනත් රටවලින් සරම්ප රෝගකාරක වෛරසය අපේ පරිසරයට ඇතුළු වුණොත්, ඒ සරම්ප රෝගයට නතු විය හැකි අයට ඒක අවදානමක් තියෙනවා. ඒ අවදානම අවම කිරීමේ අරමුණින් තමා මේ වැඩසටහන කරන්නේ."

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us